කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යටතේ ඇති පූජා භූමි ඉඩම පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් මහජනතාව සමඟ සාකච්ඡාවක් අද (26) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල උප ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

ඒ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිසාපති හා දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ජී.එම්. හේමන්ත කුමාර මහතා, කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් සියාවුල් හක් මහතා, කුච්චවේලි ක්ෂේත්‍ර නිලධාරී නවසීලන් මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී එස්.ආර්.කේ.එස්. කුරුකුලසූරිය මහතා ඇතුළු කුච්චවේලී ප්‍රදේශවාසීහු රැසක් සහභාගි වූහ.

குச்சவெளி பிரதேச செயலகத்திற்குட்பட்ட பூஜாபூமி காணிப் பிரச்சினை தொடர்பாக பொதுமக்களுடனான கலந்துரையாடலானது இன்று (26) திருகோணமலை மாவட்ட செயலக உப ஒன்றுகூடல் மண்டபத்தில் நடைபெற்றது.

குறித்த கலந்துரையாடலானது மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் தலைவரும் வெளிவிவகார, வெளிநாட்டு வேலைவாய்ப்பு பிரதி அமைச்சருமாகிய அருண் ஹேமச்சந்திரா அவர்களின் தலைமையில் நடைபெற்றது.

இதன்போது மாவட்ட அரசாங்க அதிபர் டபிள்யூ.ஜி.எம். ஹேமந்த குமார, குச்சவெளி பிரதேச செயலாளர் சியாவுல் ஹக், குச்சவெளி வெளிக்கள போதனாசிரியர் நவசீலன், மாவட்ட செயலக நிர்வாக உத்தியோகத்தர் எஸ்.ஆர்.கே.எஸ் குருகுலசூரிய உட்பட குச்சவெளி பொதுமக்கள் பலரும் கலந்து கொண்டனர்.

WhatsApp Image 2025 05 26 at 20.53.09 1WhatsApp Image 2025 05 26 at 20.53.09