එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සහයෝගීතාවයෙන් සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරී ස්වර්ණා දීපානි මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
ත්‍රිකුණාමල දිසාපති හා දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ජී.එම්. හේමන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී එතුමන් පැවසූවේ, වර්තමානයේදී කාන්තාවන් සහ ළමුන් හිංසනයට පත්වීමේ අවධානම ඉතාමත් ඉහල අගයක් ගන්නා බවත්, එයට අදාල වගකිව යුතු ආයතන, නිලධාරීන් සම්බන්ධීකරණයෙන් සහ මැදිහත් වීම සහ ඉක්මන් ප්‍රතිචාර දැක්වීමෙන් අවධානම වලක්වා ගැනීමට හැකි බවත්, සිදුවිය හැකි හානිය ඉතාමත් අවම කරගත හැකි බවත්ය.
මෙහිදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අදාලව ළමා සහ කාන්තා කටයුතුවලට සම්බන්ධිත පාර්ශවවල සහභාගීත්වයෙන් බහු පාර්ශවීය සේවා සපයන්නන්ගේ ඩිජිටල් සේවා නාමාවලියක් සකස්කිරීම මෙහි මූලික අරමුණ විය.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් වනිතා සංවර්ධන නිලධාරීන්, ශ්‍රි ලංකා පොලිසියේ කාන්තා කාර්යාංශ නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල නිලධාරීන්, කාන්තා කටයුතු හා සම්බන්ධ රාජ්‍ය නොවන ආයතනවල පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් සම්බන්ධ වූහ.









