101 වන වරට පැවැත්වෙන ශ්‍රී ලලාඨ ධාතු මහා පෙරහැර මංගල්‍යය පිලිබඳ පූර්ව සාකච්ඡාවක් අද (23) ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ඒ සේ්‍රුවිල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි හිමියන්ගේ අනුශාසකත්වයෙනි.
මෙහි ප්‍රධානත්වය ගෙන කටයුතු කලේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්තලාල් රත්නසේකර මහතා, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා සහ ත්‍රිකුණාමල දිසාපති හා දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ජී.එම්. හේමන්ත කුමාර මහතා විසිනි.
මෙහිදී පෙරහැර මංගල්‍යයේ කටයුතු සහ එම පිංකම් මාලාවේ කටයුතු සාර්ථකව ඉටුකර ගැනීමට අවශ්‍ය පෙර සූදානම්වීම් පිලිබඳව සාකච්ඡා කෙරුණු අතර විහාරස්ථාන භූමිය පිරිසිදු කිරීම, මූල්‍යමය අනුග්‍රාහකත්වය, මාධ්‍ය අනුග්‍රහය, ප්‍රචාරණ කටයුතු, බස් රථ සේවා, පානීය ජල හා සනීපාරක්ෂක පහසුකම්, අලි වැට නඩත්තුව සහ ආරක්ෂාව, ගිලන් රථ හා හදිසි ප්‍රතිකාර, නර්තන කණ්ඩායම් මෙන්ම ආහාර සැපයීම ආදී විශයයන් සාකච්ඡාවට ලක් කල කරුණු අතර විය.
මෙම අවස්ථාවට ගරුතර ස්වාමීන් වහන්සේලා, සේරුවිල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජනක තුෂාර සම්පත් මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සම්බන්ධ වූහ.









