මහජනතාවට කාර්යක්ෂම රාජ්ය සේවයක් සැපයීමට දිස්ත්රික්කයේ සියළුම රාජ්ය ආයතන සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කල යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු සෙන්දිල් තොණ්ඩමන් මැතිතුමා පවසයි.
ඊයේ (07) දින ත්රිකුණාමල දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී එතුමන්ගේ සහ ත්රිකුණාමල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කපිල නුවන් අතුකෝරල මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් පැවති දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව අමතා එතුමා මෙලෙස අදහස් පල කලේය.
" දිස්ත්රික්කයේ ජනතාවගේ ගැටළු විසඳීමට පත්වී ඇති නියෝජිතයින් ලෙස අප අපගේ උපරිම කැපවීමෙන් කටයුතු කල යුතුයි. රාජ්ය ආයතන බොහෝමයකගේ සම්බන්ධීකරණයෙන් අදාල ගැටළු වලට කඩිනමින් විසඳුම් ලබාගන්න පුළුවන්. ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ජනතාව මුහුණදෙන විවිධාකාරයේ ප්රශ්නවලට විසඳුම් දිස්ත්රික් මට්ටමින් නොහැකිනම් ඊට අදාල ඉහල නිලධාරීන් දැනුවත් කිරීමෙන් හෝ විසඳුම ලබාදීමට මට පුළුවන් උපකාරයක් කරනවා. " යැයි පාර්ලිමේන්තු මන්ත්රීතුමන් නිලධාරීන් හමුවේ කියා සිටියේය.
විශේෂයෙන්ම ගෝමරණ්කඩවල ප්රදේශයේ ගොවීන් මුහුණදෙන වන අලි තර්ජනය පිලිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කල අතර මෙම වසරේදී මේ වන තෙක් වන අලින්ගේ පහරදීමෙන් ප්රදේශයේ මරණ 4 ක් සිදුව ඇති බව වාර්තා විය.
එයට විසඳුම් ලෙස සිවිල් ආරක්ෂක භටයින් යොදාගනිමින් මුර කුටි ස්ථාපනය, පාර දෙපස මීටර් 100 ක පමණක් වන තෙක් සුද්ධ කිරීම සහ අලි වැට නිරන්තර පරීක්ෂාවට ලක් කර නිසි ලෙස නඩත්තු කිරීම යෝජනා කලේය.
එමෙන්ම ඩෙංගු උවදුර පිලිබඳවත් එය අවම කිරීමට ගත හැකි ක්රියාමාර්ග පිලිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්කලේය. කන්නියා ප්රදේශයේ සිදු කිරීමට යෝජිත කසල කළමනාකරණ ව්යාපෘතියේ ප්රගතිය, ශ්රී ලංකා වරාය අධිකාරියට අයත් ඉඩම් ගැටළුව, වැලි කැණීම් බලපත්ර නිකුත් කිරීමේ ගැටළු ආදිය ද සාකච්ඡාවට ලක්කෙරුණි.
ත්රිකුණාමල මහ රෝහල ඉදි කිරීමට වෙන් කර ඇති ඉඩම නිදහස් කිරීම සම්බන්ධව ද, කින්නියා නව පොලිස් ස්ථානය සඳහා ඉඩම වෙන් කිරීම සම්බන්ධව ද මෙහිදී අවධානය යොමු කලේය.
මීට අමතරව කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවෙන් ක්රියාත්මක කිරීමට යෝජිත එළු පාලන ව්යාපෘතිය, නිවාස හා නාගරික සංවර්ධන අමාත්යාංශයෙන් යෝජිත නිවාස ව්යාපෘතිය, වාරිමාර්ග අමාත්යාංශයෙන් ක්රියාත්මක කෙරෙන දේශගුණික බලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන (CRESMPA) සහ ඒකාබද්ධ ජලධාරා හා ජලසම්පත් කළමනාකරණ ව්යාපෘතිය (IWWRWP) පිලිබඳව ද සාකච්ඡා කලේය.
මෙම අවස්ථාවට ත්රිකුණාමල දිසාපති හා දිස්ත්රික් ලේකම් බී.එච්.එන්. ජයවික්රම මහතා, නැගෙනහිර පළාත් ප්රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක මහතා, නැගෙනහිර පළාත් අධ්යාපන ලේකම් එච්.ඊ.එම්.ඩබ්ලිව්.ජී. දිසානායක මහතා, සියළුම ප්රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්ය ආයතන ප්රධානීන් සහ එහි නියෝජිතයින් ඇතුළු පිරිසක් සම්බන්ධ වූහ.
![]() |












