උතුරු පළාතේ ශ්රී ලාංකීය සරණාගත පුද්ගලයින්ගෙන් 90% කගේ පමණ ගැටළු විසඳා අවසන් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ ගරු අමාත්ය, ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා පැවසුවේය.
" උතුරු නැගෙනහිර ජනතාව පීඩාවට පත් කල පසුගිය යුධ සමයේ මෙරටින් බොහෝමයක් සිවිල් වැසියන් ඉන්දියාවට සංක්රමණය වුණා. සමහරෙක් එහිදී උපත ලද අතර තවත් සමහරෙක් එහිදී මිය ගියා. ඒ වගේම සමහරුන් විවාහ වීමද ඉන්දියාවේදී සිදුව තිබුණා.
නමුත් යුද්ධය අවසන් වීමත් සමඟ නැවත ලංකාවට පැමිණ පදිංචි වී සිටින ශ්රී ලාංකික සරණාගතයින් නීතිමය කටයුතු හෝ වෙනත් ලියකියවිලි සම්බන්ධ කාර්යයන් වලදී අපහසුතාවන්ට ලක්වෙනවා.
එම අපහසුතා මඟහරවාගෙන තමන්ගේ ලියකියවිලි හෝ වෙනත් නීතිමය කටයුතු සම්බන්ධ ගැටළු විසඳාගැනීමට සියළුම ආයතන ඒකාබද්ධ කරගනිමින් සියළුම අවශ්යතා එකම තැනකින් පහසුවෙන් කරගැනීමට හැකි ජංගම සේවාවක් පසුගිය කාලයේ අප ආරම්භ කලා. එයින් වැඩසටහන් 4 ක් යාපනය සහ කිලිනොච්චි දිස්ත්රික්කවල පැවැත්වුණා. " යැයි අමාත්යවරයා වැඩිදුරටත් අදහස් දැක්වූයේය.
යුධ සමයේ ඉන්දියාවට සංක්රමණය වී නැවත ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල පදිංචිව සිටින ශ්රී ලාංකික සරණාගත ප්රජාවගේ ලිපිලේඛන කටයුතු වලදී මතුවන බොහෝමයක් ගැටළු වලට විසඳුම් ලබාගැනීමට මෙම ජංගම සේවය ඉතාමත් වැදගත් වන බවත්, ඊට අදාල සියළුම ආයතනවල නිලධාරීන් එකම ස්ථානයකදී හමුවී තම ගැටළු වලට විසඳුම් ලබාගැනීමට හැකිවීම දිස්ත්රික්කයේ ජනතාවට වටිනා අවස්ථාවක් බවත් ත්රිකුණාමල දිසාපති හා දිස්ත්රික් ලේකම් බී.එච්.එන්. ජයවික්රම මහතා පැවසුවේය.
මෙහිදී පුරවැසිභාවය ලබාගැනීම සම්බන්ධ ගැටළු විසඳීම, උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීම සහ එම සහතික ලබාගැනීම සම්බන්ධ ගැටළු විසඳීම, ජාතික හැඳුනුම්පත් ලබාගැනීම, සංශෝධනය කිරීම, නැතිවූ හැඳුනුම්පත් සඳහා දෙවන පිටපතක් නිකුත් කිරීමට අදාල සේවාවන්, ඉඩම් පිලිබඳ ගැටළු සහ නැවත පදිංචි කිරීම් වලට අදාල ගැටළු විසඳීම, හානි පූර්ණයන්ට අදාල වන්දි ලබාදීම සඳහා ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ගේ ගොනුවල පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීම, අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ විමර්ශන පැවැත්වීම සහ ඒවාට අදාල අත්යාවශ්ය ලේඛන සම්පූර්ණ කිරීම, සමථකරණය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්, ඉඩම් සම්බන්ධ විශේෂ සමථ මණ්ඩල පිලිබඳ දැනුවත් කිරීම, නීති උපදෙස් ලබාදීම හා නීති සායන පැවැත්වීම ආදී සේවාවන් රාශියක් මහජනයා වෙත සැපයූවේය.
මේ සමඟ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්යාංශය, ආරක්ෂක අමාත්යාංශය, විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, රෙජිස්ට්රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, හානි පූර්ණය සඳහා වන කාර්යාලය, අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය, ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලය, සමථ මණ්ඩල කොමිෂන් සභාව සහ නීති ආධාර කොමිෂන් සභාව නියෝජනය කරමින් නිලධාරීන් රැස්ව සිටියහ.
මෙම අවස්ථාවට අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස් ඩබ්ලිව්.බී. ගනේගල මහතා, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්යාංශයේ වැඩබලන ලේකම් ආර්.එස්. හපුගස්වත්ත මහතා, එම අමාත්යාංශයේ අතිරේක ලේකම් ආර්.පී.එස්. සමන්කුමාරි මහත්මිය, නැගෙනහිර පළාත් අධ්යාපන ලේකම් එච්.ඊ.එම්.ඩබ්ලිව්.ජී. දිසානායක මහතා, ප්රාදේශීය ලේකම්වරුන්, රාජ්ය ආයතන ප්රධානීන්, ඇතුළු අනෙකුත් නිලධාරීන් සම්බන්ධ වූහ.
![]() |
![]() |
![]() |
![]() |









