යහපත් පවුල් ජීවිතයක් ගතකරන්නේ කෙසේද? යහපත් දරුවෙක් බිහිකරන්නේ කෙසේද?
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
එළඹෙන වෙසක් පොහොය දිනය නිමිත්තෙන් ත්රිකුණාමල දිසාපති හා දිස්ත්රික් ලේකම් බී.එච්.එන්. ජයවික්රම මහතාගේ අනුදැනුමින් අද (02) දින දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ධර්ම දේශනාවක් සූදානම් කෙරුණි.
චීනවරාය ශ්රී බෝධිරාජාරාමයේ විහාරාධිපති සහ ත්රිකුණාමල දිස්ත්රික් ශාසනාරක්ශක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්ය අලුත්ඔය සද්ධාතිස්ස නාහිමිපාණන් වහන්සේ විසින් මෙම ධර්ම දේශනාව සිදු කලහ.
" බාහුසච්චං ච සිප්පං ච - විනයෝච සුසික්ඛිතෝ
සුභාසිතාව යා වාචා - ඒතං මංගල මුත්තමං "
තම ජීවිතයම රාජකාරියට කැප කර සිටින රාජ්ය සේවකයින් තම මනස නිරවුල්ව පවත්වා ගැනීමට කල යුතු දේ, පවුල් ජීවිතය යහපත්ව පවත්වා ගැනීමට කල යුතු දේ, පවුලේ ප්රශ්න හෝ රාජකාරියේ ප්රශ්න පටලවා නොගෙන යහපත් පවුල් ජීවිතයක්, යහපත් රාජකාරී පරිසරයක් නිර්මාණය කරගැනීමට අවශ්ය කරුණු කාරණා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කලහ.
එමෙන්ම ගුණ නැණ බෙලෙන් යුතු දරුවන් බිහි කිරීමට කල යුතු දේ, ශිල්පය උගත් බහුශ්රැත දරුවකු, ශික්ෂාවෙන් යුතු විනීත දරුවකු, සුභාෂිත දරුවකු බිහි කිරීම පිලිබඳ මහා මංගල සූත්රය ඇසුරින් උන්වහන්සේ දේශනා කලහ.
මෙම අවස්ථාවට දිස්ත්රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිසාපති (ඉඩම්) එස්. සුදාහරන් මහතා, පරිපාලන නිලධාරීතුමන්, සියළුම මාණ්ඩලික නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සියළුදෙනාම සහභාගී වූහ.
 
 
 
n10
n13 n16