බහු ජන වාර්ගික දිස්ත්රික් කලා උළෙල අද (27) දින ත්රිකුණාමල දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේදී පැවැත්වුණා. ජාතික සමඟි හා සහයෝගීතා ලේකම් කාර්යාලයේ පූර්ණ අනුග්රහය යටතේ ත්රිකුණාමල දිසාපති හා දිස්ත්රික් ලේකම් බී.එච්.එන්. ජයවික්රම මහතාගේ ප්රධානත්වයෙන් මෙම උළෙල සංවිධානය කර තිබුණා.
" ත්රිකුණාමල දිස්ත්රික්කය ඉතාමත් සංවේදී දිස්ත්රික්නයක්. සිංහල, දමිළ හා මුස්ලිම් යන ජන කොටස් තුනේම ජනයා ජීවත්වන අප දිස්ත්රික්කය ආගම් හතරේම සම ප්රමාණික නියෝජනයක් සහිතයි.
අද අප කාර්යාලයේ සියළුම නිලධාරීන් සම්බන්ධ කරගෙන මෙම බහු ජන වාර්ගික කලා උළෙල පැවැත්වීමට තීරණය වීමට ප්රධානතම හේතුවත් එයමයි.
මෙහිදී විවිධ සංස්කෘතික අංග, ජන ක්රීඩා පැවැත්වීමට සහ ඒවා සමඟ සම්බන්ධ වීමට කාර්යාලයේ ඕනෑම නිලධාරියෙකුට අවස්ථාව ලබාදී තිබෙනවා. " යනුවෙන් දිසාපතිතුමන් පැවසුවේය.
මෙහිදී කඹ ඇදීම, කණා මුට්ටි බිඳීම, අලියාට ඇස තැබීම, අන්ධයා කිරි කැවීම, කොට්ට පොර, සංගීත පුටු තරඟ, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, සැඟවුණු අමුත්තා තේරීම, අවුරුදු කුමරා කුමරිය තේරීම ආදී විචිත්රවත් තරඟ අංග රාශියක් පැවැත්වුණා.
මෙහි ප්රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර පළාත් සභාවේ හිටපු අමාත්ය ආරියවතී ගලප්පත්ති මැතිනිය එක්වූ අතර අතිරේක දිසාපතිවරුන්, නගර හා කඩවත් ප්රාදේශීය ලේකම් පී. ධනේෂ්වරන් මහතා, ත්රිකුණාමල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, සෙසු නිලධාරීන් ඇතුළු අනෙකුත් පිරිස සම්බන්ධ වූහ.
 
 
 
 
n04 n05
n07.jpg n06