ත්රිකුණාමල දිස්ත්රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්ය කන්තලේ විමලසිරි නාහිමිපාණන් වහන්සේගේ සහ ගරු ලේඛකාධිකාරී පූජ්ය අලුත්ඔය සද්ධාතිස්ස නාහිමිපාණන් වහන්සේගේ ප්රධානත්වයෙන් අද (28) දින දිස්ත්රික් ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීම දිසාපති කාර්යාලයේ දී පැවැත්වූහ.
දිස්ත්රික්කයේ දහම් පාසල්වල දූ දරුවන්ට පෙළ පොත් ලබාදීමේ අඩුවක් පවතින බවත් ඒ සම්බන්ධව අදාල බලධාරීන් දැනුවත් කර හැකි අයුරින් එම ගැටළුවට විසඳුම් ලබා ගත යුතු බවත් මෙහිදී සාකච්ඡාවට ලක්කෙරුණි.
ඊට අමතරව දිස්ත්රික්කයේ ඉඩම් ගැටළු සහ පුරාවිද්යා ස්ථාන සම්බන්ධව මතුවන ගැටළු ආදී විෂයයන් මෙහිදී සාකච්ඡාවට ලක්කෙරුණි.
මෙම අවස්ථාවට ත්රිකුණාමල දිසාපති හා දිස්ත්රික් ලේකම් බී.එච්.එන්. ජයවික්රම මහතා, ප්රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්රාදේශීය ලේකම්වරුන්, දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී එස්.ආර්.කේ.එස්. කුරුකුලසූරිය මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.






