ත්රිකුණාමල දිස්ත්රික්කයේ ඉදිරියේදී ක්රියාත්මක කිරීමට යෝජිත ව්යාපෘති සම්බන්ධව සාකච්ඡාවක් අද (12) දින දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
ත්රිකුණාමල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හා සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති කපිල නුවන් අතුකෝරල මැතිතුමාගේ ප්රධානත්වයෙන් මෙම සාකච්ඡාව සිදුකලේය.
ලෝක බැංකු ණය ආධාර යටතේ දේශගුණික බලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන (CRESMPA) සහ ඒකාබද්ධ ජලධාරා හා ජල සම්පත් කළමනාකරණ ව්යාපෘතිය (IWWMPA) හරහා ත්රිකුණාමල දිස්ත්රික්කයේ ක්රියාත්මක කිරීමට නියමිත වාරි ව්යාපෘති යෝජනා පිලිබඳ අදාල පාර්ශව සම්බන්ධ කරගනිමින් දීර්ඝ සාකච්ඡාවක් සිදුවිය.
සිංහල, දමිළ හෝ මුස්ලිම් ලෙස ජාති භේද නොසලකා මෙම ව්යාපෘතිවල ප්රතිලාභ සෑම ජන කොටසකටම බෙදී යන පරිදි යෝජනා සකස් කර ක්රියාත්මක කල යුතු බව මෙහිදී අදහස දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රීතුමන් පැවසුවේය.
ගොවි සංවිධාන වලින් කරන ලද ඉල්ලීම් මත කෘෂි ඇළ මාර්ග, ඇණිකට් සහ අමුණු ඉදිකිරීම වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනා පිලිබඳව අදාල පාර්ශව සහභාගී කරගෙන සාකච්ඡා කල අතර දිස්ත්රික්කයේ දැනට වගා කරන වපසරිය වැඩි කර ගොවින් මුහුණදෙන ගැටළු අවම කරගැනීමත්, අස්වනු වැඩි කරගැනීමත්, ජාතික නිෂ්පාදනයට කෘෂි නිෂ්පාදනයේ දායකත්වය වැඩි කරගැනීමත් මෙහි මූලිකම අරමුණු වේ.
මෙම අවස්ථාවට ත්රිකුණාමල දිසාපති හා දිස්ත්රික් ලේකම් බී.එච්.එන්. ජයවික්රම මහතා, දිස්ත්රික් වාරිමාර්ග අධ්යක්ෂක අබ්දුල් ජබ්බාර් මහතා, දිස්ත්රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස්තුමා, ප්රාදේශීය ලේකම්වරුන්, ප්රදේශයේ ගොවි සංවිධාන සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වූහ.
 
 
c03